30 C
Colombo
Monday, December 23, 2024

ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ

- Advertisement -

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින් අවසන් වු අතර ඒ වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 67,000ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණා.

කෙසේවෙතත් රජය පසුගියදා සඳහන් කළේ සහල් ආනයනය සඳහා ලබා දුන් කාලය ලබන වසරේ ජනවාරි මස 10 වනදා දක්වා දීර්ඝ කරන බවයි.

නමුත් මේ දක්වාත් ඊට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර නොමැති බැවින් යම්හෙයකින් රජය හෝ රජයේ මැදිහත්වීම මත සහල් ආනයනය කළ ද ඒවා මෙරට වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව සදහන් කළා.

මේ අතර රජය විසින් ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 52,000ක තොගයක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අද (23) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සහල් ආනයනය කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවයි.

මේ අතර සහල් තොග නිසිපරිදි නොලැබීම හේතුවෙන් වසා දමා තිබු මරදගහමුල විශේෂිත තොග වෙළද මධ්‍යස්ථානයේ සහල් වෙලඳසැල් අද දිනයේ සිට යළි ආරම්භ කරන බව එම ව්‍යාපාරිකයින් පවසනවා.

පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත සහල් තොග මෙරටට ආනයනය කිරීමත් සමග මෙලෙස වෙළඳසැල් යළි විවෘත කරන බව එම ව්‍යාපාරිකයින් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

ගුවන් යානා භාවිතා කිරීමේ චෝදනාවට පාඨලීගෙන් උත්තර

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව...

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා....

POPULAR ARTICLES

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපති කෙනෙක් අත්අඩංගුවට

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මාතලේ කොට්ඨාස...

තුර්කියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 4ක් මරුට

නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි. අනතුරට පත්වු...

බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටී 10ක් මරුට – 17කට තුවාල

දකුණු බ්‍රසීලයේ - ග්‍රැමාඩෝ නගරයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 17 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...