25 C
Colombo
Saturday, December 14, 2024

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා – ලාල්කාන්ත

- Advertisement -

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා.

අද (13) කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ රජයක් ලෙස මේ මොහොතේ රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කිරීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවයි.

“අපි අධිෂ්ඨානයක ඉන්නවා රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කරන්න. ඒක ස්ථිරව කරනවා ඒක නොකර කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්න බැහැ. කෘෂිකර්මාන්තය විතරක් නෙමෙයි ජන ජීවිතයේ අනෙකුත් පැතිකඩත් බිඳ වැටිලා තියෙන්නේ. විශේෂයෙන්ම රිළවුන්ගේ ප්‍රශ්නේ විසඳනවාමයි… කවුරුත් සැකයක් තියාගන්න එපා මොන අභියෝගය ආවත් ඒක විසඳනවා. රට යැවීම ගැනත් සලකා බලනවා. අපේ රටේ දූපත් තියෙනවා ඒ දූපත්වලට යැවීම සම්බන්ධයෙනුත් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් සකස් කරමින් තියෙනවා ඒක සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වන ආකාරයට. ඒ නිසා සංචාරක කර්මාන්තයත්, ගොවිජන ජීවිතයත්, පොදුජන ජීවිතයත් සලකලා බලලා මේකට අපි උත්තරයක් හොයන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.”

මේ අතර විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි ඉල්ලීමට සූදානම් වීම සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් පළකරමින් පවසා සිටියේ,

“ඒක හොඳයි ඉතිං හොයපුදෙන්.. ඒක අවශ්‍ය දෙයක් නම්, සමාජයට ඕන දෙයක් නම්, ඒක නම් ප්‍රශ්නේ, ඒකෙන් නම් උත්තරේ එන්නේ හෙව්වාට කිසි ප්‍රශ්නයක් නෑ…. මගේ එක හොයන්න කියන්නකෝ ඔක්කොටම කළින් පුළුවන් නම්. ලාල් කාන්ත… එච්චරයි… වෙන මුකුත් නෑ…”

RECENT ARTICLES - SINHALA

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක්...

ප්‍රදේශ රැසකට අද වැසි

අද (14) දිනයේ  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව...

හිරුණිකාට අවස්ථාවක් නොදීම ගැන ඇත්තටම කණගාටුයි

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා නොදීම ගැන තමන් කණගාටු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවා. ඒ,...

POPULAR ARTICLES