පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවෙන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ සාක්ෂීය පරිවර්ථනය කිරීමට ලබා දුන් පරිවර්ථකයා අර්ථය වෙනස් වන ආකාරයට තම ප්‍රකාශ පරිවර්ථනය කරන බව බදියුදීන් මහතා කොමිසමේදී ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ නොවැම්බර් 19 වන දින ස්කයිප් තාක්ෂණය හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන කොමිසමේ සාක්ෂි ලබා දෙමින්ය.
අදාල පරිවර්තකා අතින් වැරදි පරිවර්ථනයන් සිදුවූ අවස්ථාවලදී බදියුදීන් මහතා සිංහල භාෂාවෙන් එය නිවැරදි කර ඇත.
ආරම්බයේදී බදියුදීන් මහතාට සිංහල භාෂාවෙන් තම සාක්ෂි ලබා දෙන ලෙස කොමිසම දැනුම් දී තිබුණු අතර තම මව් භාෂාව දෙමළ බැවින් තමන්ට දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබා දීමට අවස්ථාව සලසන ලෙස බදියුදීන් මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව එදින දහවල් 1.30 වන තෙක් සාක්ෂි ලබා දීම කල් දමා තිබුණී.