රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, කුරුවිට සහ කිරි ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට තවදුරටත් නායයාමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර කලුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට තව දුරටත් නාය යෑමේ අවධානම බලාත්මකයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයාමේ අවධානම ක්‍රියාත්මක බවයි.