26.8 C
Colombo
Wednesday, November 27, 2024

මී උණ පැතිරීමේ අවදානමක්

- Advertisement -

මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කළේ වැඩිම මී උණ රෝගී ආසාදිතයින්ද හමුව ඇත්තේ ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවයි.

සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී පැවති මී උණ රෝගය වැළැක්වීම ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළා.

රත්නපුර දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 1,882ක් හමුවී ඇති අතර මී උණ රෝගය හේතුවෙන් මියගිය ගණන 22ක්.

එම දිස්ත්‍රිකයේ මී උණ වැළදීමේ අධි අවදානම් ප්‍රදේශ ලෙස ඇහැලියගොඩ, කිරිඇල්ල, ඇලපාත, පැල්මඩුල්ල, ඔපනායක, නිවිතිගල, කලවාන සහ කල්තොට ප්‍රදේශ ඇතුළත්ය.

මී උණ රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගන්නේ නම් වකුගඩු, හෘදය, මොළය වැනි අවයව අක්‍රීය වී මරණය පවා සිදුවිය හැකි බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් පැවසුවේ මී උණ රෝගය වළක්වා ගැනීමට නම් කුඹුරු වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර රෝගය වළක්වා ගැනීමේ Doxycycline ඖෂධය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයේ හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකගෙන් ලබා ගත හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවලා

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු...

E8 ගැන පැමිණිලි රැසක්

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රතිපත්ති මත පදනම් වූ ඩොලර් මිලියන 200ක ණයක්...

POPULAR ARTICLES