පවතින වැසි සහිත කාලගුණයත් සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා.
එම දෙපාර්මේන්තුව සදහන් කළේ, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව, බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල අද රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවයි.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තද සුළං තත්ත්වයක්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් කියා සිටියා.