28 C
Colombo
Thursday, December 19, 2024

පාස්කු ප්‍රහාරය ගැන රිස්වි පාපොච්චාරණය දිලා තියෙන්නේ කැමැත්තෙන්

- Advertisement -

පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 11 වන විත්තිකරු හුසේනූර් රිස්වි නමැත්තා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලබා දුන් පාපොච්චාරණය ඔහුගේ කැමැත්තෙන් ස්වාධීනව ලබා දුන් පාපෝච්චාරණයක් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) තීරණය කරමින් නියෝගයක් නිකුත් කළා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවය කළ සමන් පද්මසිරි පෙරේරා මහතාට විත්තිකරු ඔහුගේ ඇත්ත අකුරින්ම ලියා එහි අත්සන් තබා සහතික කොට ලබා දී ඇති එම පාපොච්චාරණය විත්තිකරු ලබා නොදුන් බවට ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කර තිබුණා.

නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක හා ප්‍රදීප් අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද දින කැඳවනු ලැබුවා.

තම අධිකරණය හමුවේ පැවැති වොයඩාර් පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දුන් අධිකරණ වෛද්‍ය නිලධාරී ලලිත් සේනානායක ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා විමර්ශන නිලධාරීන් ලබාදුන් සාක්ෂි අනුව විත්තිකරුගේ මූලික විරෝධතාව ව්‍යාජ විරෝධතාවක් බවට විනිසුරු මඬුල්ල තීරණය කළා.

එම පාපොච්චාරණය තමා විසින් ලියන ලද්දේ පොලිසිය අවශ්‍යතාව මත බවට විත්තිකරු ප්‍රකාශ කළත් එසේ සිදුවූවා නම් ඒ පිළිබඳව ඔහුට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරියේ හෝ අනාවරණය කිරීමට අවස්ථාව තිබූ බවට විනිසුරු මඩුල්ල සිය නියෝගයෙන් සඳහන් කළා.

ඒ අනුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල ලබන ජනවාරි මස 15 වන දින මෙම නඩුව නැවත කැඳවීමට දින නියම කෙරුණා.

RECENT ARTICLES - SINHALA

හරක් කටාට එරෙහිව ඇති නඩුවක සාක්ෂි විමසීම අරඹලා

තවත් පුද්ගලයෙකු සමග බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී ගිනි අවි පෙන්වා එම නිවසේ තිබූ රුපියල් විසි දහසක මුදලක් පැහැරගෙන යාම මෙන්ම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ...

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක්

ගාල්ල බන්ධනාගාරය තුළදී අද (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බවට වාර්තා වනවා. ගාල්ල බන්ධනාගරයේ රඳවා...

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක්, ගමනාන්තය අවසන්කර අංගනය වෙත ධාවනය කිරීමේ දී රඹුක්කන දුම්රිය ස්ථානයේ දී අද (19) සවස පිලීපැනීමකට ලක්ව...

POPULAR ARTICLES