RMV ලොක්කෙක් අල්ලස් ගනිද්දි මාට්ටු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ගනිමින් සිටි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා. මීට අමතරව ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.