27.8 C
Colombo
Monday, December 2, 2024

කෝඩුකාරයින්ට වැඩි දුරක් යන්න බැහැ – නලින්

- Advertisement -

ජාතික ජන බලවේගයේ ඇමැතිවරුන්ගේ අත්දැකීම් විරහිතභාවය හේතුවෙන් ගෝඨාභයගේ ආණ්ඩුවට වඩා ඉක්මනින් වර්තමාන ආණ්ඩුව කඩා වැටීමේ අවධානමක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

වර්තමාන ආණ්ඩුව හිටපු ඇමැති කාංචන විජේසේකරගේ ඉන්ධන මිල සුත්‍රයේ තවමත් එල්ලි සිටින බවත්, ඉන්ධන මිල සුත්‍රය වෙනස් කර ගැනිමට පවා සවිඥාණික දැනුමක් ආණ්ඩුවට නැති බවත් ඔහු සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“දිනකට රටේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික්ටොන් 3500 ක් වගේ භාවිතා වෙනවා. භුමි තෙල් මෙට්ට්‍රික්ටොන් 300 ක් වගේ භාවිතා වෙනවා. පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩු නොකර භුමිතෙල් මිල රුපියල් 20 කින් අඩුකරන්න රජයට තිබුණා. ගොවින්ට, ධීවරයින්ට, කම්කරු ජනතාවට ඒ හරහා විශාල සහනයක් ලැබෙනවා. පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩුකරලා කිසි කෙනෙක්ට වාසියක් වෙන්නේ නෑ. අවුරුදු 72 ක සාපය විසින් නිර්මාණය කළ සපුගස්කන්ද පිරිපහදුවෙන් තමයි භුමිතෙල් නිෂ්පාදනය කරන්නෙත්.

ඉන්ධන වලින් විශාල කොමිස් මුදල් හිටපු මැති ඇමැතිවරුන්ගේ සාක්කුවලට ගිය බව ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ඒ කොමිස් මුදලවත් අඩුකරන්න දැන් ජාතික ජනබලවේග ආණ්ඩුවට නොහැකිවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය ජනතාවට දුන්න බොරු බොරු පොරොන්දු දැන් එකින් එක ඔප්පු වෙමින් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES