රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් සහ එහි සේවය කරන ගුරුවරුන් දෙදෙනෙක්ගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ඒ එම පාසලේ සිසුවෙකුට පහර දීමක් සම්බන්ධයෙන්.
කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට මෙලෙස ගුරුවරුන් දෙදෙනෙක් පහර දී ඇති බවයි.
මේ වන විට පහර කෑ සිසුවා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.