26 C
Colombo
Friday, October 25, 2024

රුසියාව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් සැලසුම් කරයි

- Advertisement -

න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ආතම් ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ බව අනාවරණ කෙරුණේ රුසියාවේ, පසුගියදා පැවති සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී.

රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM (රොස්ආතම්) යනු රුසියාවේ විශාලතම විදුලිබල නිෂ්පාදකයා වන අතර එමෙන්ම එය න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව සඳහා උපකරණ, ඩිජිටල් නිෂ්පාදන, විවිධ නව්‍ය න්‍යෂ්ටික සහ න්‍යෂ්ටික නොවන නිෂ්පාදන නිපදවන ආයතනයකි.

මේ වනවිට ඔවුන් ලොවපුරා රටවල් 11ක සමාගම් 34ක් සමඟ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම දැවැන්ත ආයතනය ශ්‍රී ලංකාව ද හවුල් කරගනිමින් මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාවේ, සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුව පසුගියදා අමතමින් රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් ලිඛචේෆ් මේ බව හෙළි කළ බව සඳහන්.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සමග එක්වී න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා මේ වසරේ සිය ආයතනය සමග නීත්‍යනුකූලව ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය බවයි.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...