25.2 C
Colombo
Sunday, November 24, 2024

රුසියානු බොරතෙල් ආනයනයේ දී පාකිස්තානයට ගැටලු රැසක්

- Advertisement -

ආකර්ශනීය මිල ගණන් තිබියදීත්, විදේශ මුදල් හිඟය සහ පිරිපහදු හා වරායවල සීමාවන් හේතුවෙන්, පකිස්තානයට සිය තෙල් ආනයනයෙන් තුනෙන් දෙකක් සඳහා රුසියානු බොරතෙල් මත යැපීමේ ඉලක්කය සපුරාගැනීමට නොහැකි වනු ඇති බවට නිලධාරීන් පවසති.

විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානය, යුරෝපීය වෙලඳපොලෙන් තහනම් කර ඇති වට්ටම් සහිත බොරතෙල් ලබා ගන්නා රුසියාවේ නවතම පාරිභෝගිකයා බවට පත් විය.

එහි පළමු තොගය ජුනි මාසයේදී ලැබුණු අතර දෙවැන්න දැන් සාකච්ඡා මට්ටමේ පවතී.

එය 2022 දී ආනයනය කරන ලද දිනකට බොරතෙල් බැරල්154,000 මුලු ප්‍රමාණය සමඟ සසඳන විට රුසියාවෙන් දිනකට බොරතෙල් බැරල් 100,000 ආනයන ඉලක්ක කරන්නේ, රටේ ආනයන වියදම් පහත හෙලීම, විදේශ විනිමය අර්බුදය විසඳීම සහ වාර්තාගත ඉහළ උද්ධමනය මත යම් සහනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.

කෙසේ වෙතත්, පකිස්ථානයේ ප්‍රධාන සැපයුම්කරුවන් වන සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බොරතෙල් මගින් පිරිපහදු කරන ඉන්ධන හා සසඳන විට නැව්ගත කිරීමේ පිරිවැය වැඩි වීම සහ අඩු ගුණාත්මක පිරිපහදු කළ නිෂ්පාදන හේතුවෙන් අපේක්ෂිත වාසියක් අහිමි වේ.

රුසියානු බොරතෙල්වලින් පිරිපහදු කරන ගුණාත්මක බවින් අඩු ඉන්ධන නියමිත ප්‍රමිතියට ගෙන ඒම සඳහා පකිස්ථානයට පෙට්‍රල් සහ ඩීසල් ආනයනය වැඩි කිරීමට සිදුවනු ඇති අතර එමඟින් ඩොලර් පිටතට ගලායාම වැඩි වන අතර අර්බුදකාරී ආර්ථිකයට ආතතියක් ඇති වනු ඇතැයි පකිස්ථානය පදනම් කරගත් FRIM හි ප්‍රධාන ආයෝජන නිලධාරී ෂාබාස් අෂ්රෆ් පැවසීය.

ඉස්ලාමාබාද් සහ මොස්කව් මිල විස්තර සහ වට්ටම් ප්‍රමාණය හෙළි කර නොමැති අතර, එහි ප්‍රධාන වෙළඳ හවුල්කරු වන චීනය සමඟ වෙළඳාම සඳහා යුවාන් අවශ්‍ය බැවින් රුසියානු බොරතෙල් සඳහා ගෙවීමට චීන යුවාන් මුදල් හිඟය පාකිස්තානයට ඇති තවත් බාධාවකි.

පකිස්ථානය සිය පළමු රුසියානු බොරතෙල් තොගය සඳහා චීන යුවාන් වලින් ගෙවා ඇත.

කෙසේ වෙතත්, කරච්චි හි ව්‍යාපාර පරිපාලන ආයතනයේ සහකාර මහාචාර්ය Aadil Nakhoda පැවසුවේ හිඟයක් පවතින බව වෙළඳුන් පවසන යුවාන්වලින් ගෙවීමට වඩා රුසියාව සමඟ භාණ්ඩ හුවමාරු ගනුදෙනුවකට යෑම රටට වඩා හොඳ බවයි.

එම අභියෝගවලට අමතරව, රුසියානු බොරතෙල් සඳහා ප්‍රවාහන පිරිවැය මැද පෙරදිග බොරතෙල් වලට වඩා වැඩි වී ඇත්තේ, දුර ෙනිසා පමණක් නොව, පාකිස්තානයේ වරායට රුසියාවෙන් පිටවන විශාල යාත්‍රා හැසිරවිය නොහැකි බැවිනි.

ඒ අනුව යූරල් බොරතෙල් පකිස්තානයට යාමට පෙර ඕමානයේ දී කුඩා නැව් වෙත මාරු කිරීමට සිදුවේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES