අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට ගත් තීරණය වෙළෙඳ ගැටළුවක් පමණක් නොව යම්කිසි ආකාරයක අනතුරු ඇඟවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු තවදුරටත් සඳහන් කළේ, ගෝලීයකරණය පිළිබඳ තිබූ අවිශ්වාසය අවසන් කළ යුතු බවයි.
එමෙන්ම ආසියාව කේන්ද්‍ර කරගත් වෙළෙඳ උපායමාර්ගයන් ගොඩනැගීමට කාලය එළැඹ ඇති බවද විපක්ෂ නායකවරයා එහි සඳහන් කර තිබෙනවා.