27.6 C
Colombo
Saturday, November 23, 2024

ආණ්ඩුවේ තොරණ විවෘත කරන්න ගිය සජබේ මන්ත්‍රිවරු (ඡායාරූප)

- Advertisement -

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණා.

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ සිංගප්පූරුවේ විලින් හාර්ට්ස් (Wiling Hearts) පදනමේ දායකත්වයෙන් මැයි 05 වනදා ෂැංග්‍රිලා හරිත භූමියේ දී මහා බත් දන්සැලක්ද පැවැත්වූවා.

මෙම අවස්ථාවට සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය පූජ්‍ය කරදෙටියන ගුණරතන හිමි, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් අයද සහභාගී වුණා.

මීට අමතරව සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සමගි ජනබලවේගයේ හෝමාගම ආසනයේ ප්‍රධාන සංවිධායක එරන්ද වැලිඅංගේ යන අයද සහභාගීවී සිටීම විශේෂත්වයක්.

පසුගියදා පැවති මැයි රැළිය අමතමින් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ “දෙපිටකාට්ටුවේ ඉන්නවා නම් පක්ෂයෙන් යන්න” ලෙසයි.

RECENT ARTICLES - SINHALA

වේයන්ගොඩ නිධානය සොයා කළ කැණීම් අවසන්

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන්...

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්...

POPULAR ARTICLES