29 C
Colombo
Saturday, December 21, 2024

සජබෙත් ඇවිලෙයි.ලක්ෂ්මන් රෝහිනී වලියක්

- Advertisement -

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය දඹුල්ලේ පැවති සමගි ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී තිබු බවට වාර්තා වනවා.

මෙහිදී ඔහු එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසා ඊට උරන වූ කවිරත්න මහත්මිය ලක්ෂ්මන් වසන්ත මහතා වේදිකාවෙන් බැස පිටව යන තුරු වේදිකාවට නොපැමිණෙන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිට තිබෙන බව පැවසෙනවා.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා මහතා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබු අතර ඒ අනුව ඇය සජිත් ප්‍රේමදාස මහතා සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනක අසුන් ගෙන තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවයි .

එහෙත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන ලෙසද ඇය එහිදි සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණයට වියදම් වාර්තා නොදුන් අයගේ නම් පොලිස් දෙපාර්තමේන්තුවට

මහමැතිවරණයට අදාළව මේ දක්වාත් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම...

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21)...

හැටහය පාරක් උඩින් ගිය හිටපු ඇමැති 15 මෙන්න

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

මැතිවරණයට වියදම් වාර්තා නොදුන් අයගේ නම් පොලිස් දෙපාර්තමේන්තුවට

මහමැතිවරණයට අදාළව මේ දක්වාත් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම...

ජැක්සන්ගේ බෑණාට පොලීසියෙන් ගහලා

හැදුනුම්පත සන්තකයේ නොමැති වීම හේතුවෙන් තමාව පොලීසියට රැගෙන ගොස් අඩත්තේටම්වලට ලක් කළ බව පවසමින්  ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් සහන මැදිරියට අද (21)...

ඉන්දීය ක්‍රිකට් තරුවක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොබින් උතප්පා අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇඟලුම් ආයතනයක සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් සම්බන්ධයෙන්...