31 C
Colombo
Sunday, March 23, 2025

සූරියවැව උපවාසය බලන්න සජිත් යයි

- Advertisement -

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කර වන අලි ගැටළුවට වහාම විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා සූරියවැව වල්සපුගල වැව් තාවුල්ලේ ගොවීන් පිරිසක් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය පැවති ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) සවස පැමිණියා.

මෙහිදී සත්‍යග්‍රහයේ නිරත ගොවින් හා ඊට සහාය පළකරමින් එක්ව සිටි මහා සංඝරත්නය සමග සුහද කතා බහක නිරතව සිට විපක්ෂ නායකවරයා පැවසුවේ ගොවින්ගේ මෙම මාරාන්තික උපවාසය මෙන්ම අඛණ්ඩ සත්‍යග්‍රහයද සර්ව සාධාරණ එකක් බවයි.

එමෙන්ම මෙම වනඅලි ගැටළුව සදහා පක්ෂ විපක්ෂ සියලුදෙනා වගකිවයුතු කාරණයක් බවත්, මේ ගැටලුව එක් කොටසකට පමණක් සීමා වී ඇති ගැටලුවක් නොවනබවත් මෙහිදී විපක්ෂ නායකවරයා සදහන් කළා.

එමනිසා  මෙම වන අලි ගැටළුවේදී තමන්ද ජනතාව වෙනුවෙන්  මැදිහත් වන බවත් මේ ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදීද අරගල කරන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි, සූරියවැව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සුභක ප්‍රදීප් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ගොවින්ගේ ගැටළු ඇතුළත් සංදේශයක්ද මෙහිදී ගොවීන් විසින් විපක්ෂනායකවරයා වෙත බාරදුන්නා.

නුවන් ජයසේකර – සූරියවැව

RECENT ARTICLES - SINHALA

ගෙදරින් කෑම කන්න දේශබන්දු කළ ඉල්ලීමට පිළිතුරු

නිවසින් ආහාර ලබාගැනීමට දේශබන්දු තෙන්නකෝන් සිදුකළ ඉල්ලීම සලකා බලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවා ඇති...

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ගැන කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ කටයුතු අද(23) සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, ඡන්ද...

සමාජශාලා ගැටුමට යෝෂිත එක්ක පැමිණි සැකකරුවන් හඳුනා ගෙන

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසනවා. යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් විසින්...

POPULAR ARTICLES