අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බව විපක්ෂ නායකවරයා පවසා තිබුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පවසා තිබුණේ පසුගිය කාලය තුළ ජපානය විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය විපක්ෂයේ සිට තමා ලබා දෙන බවත්ය.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ද එක්ව සිටි බවයි පැවසෙන්නේ.