සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාර ගනු ලබන්නේ, ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ඒ, අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
අග්‍රාමාත්‍යවරයා මේ වන විට ඉල්ලා අස්ව ඇති නිස ඔහුට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයන්ගේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කරන බවත් එය ලබන සතියේ දිනයකට අදාලව න්‍යාය පුස්තකයට ඇතුලත් කළ බවත් කිරිඇල්ල පවසනවා.