31 C
Colombo
Tuesday, October 15, 2024

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

- Advertisement -

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා.

ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක් තිබු තමාගේ නම පක්ෂයෙන් ඉවත් කර තිබෙන බවත් තමා මැතිවරණයෙන් ඉවත් නොවු බවත්ය.

මැතිවරණවලට බයේ පැන නොයන බව පැවසු ප්‍රේමසිරි මහතා පක්ෂයට දින කිහිපකට පෙර පැමිණි අය සඳහාද අවස්ථා ලබා දි තිබෙන බව පැවසුවා.

මහ මැතිවරණය සඳහා ආණමඩුවෙන් තරඟකිරිමට හලාවත හා පුත්තලමේ පදිංචි දෙදෙනෙක්ද ඉදිරිපත් කර තිබෙන බව තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 34000ක් ආණමඩුව ආසනයෙන් ලබා දුන් බවත් මේ වන විට එම ඡන්ද රැක ගැනිමේ අභියෝගයට ඔවුන් මුහුණ දි සිටින බවත් පවසා සිටියා.

තමාට මෙන්ම වෙන්නප්පුව ආසන සංවිධායක හිටපු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාට නාමයෝජනා ලබා නොදිම පිළිබඳ ජනතාව අතර කසුකුසුවක් පවතින බවද මෙහිදී ප්‍රේමසිරි මහතා පැවසුවා

තමා ඡන්දයට ඉදිරිපත් නොවිම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමට පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රේමසිරි මහතා මෙම අදහස් අද (13) පළ කර සිටියා.


RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත් කිරීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්

පසුගිය සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික...

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා වඩාත්...

පොලිස් සැරයන් ගංජා සමඟ මාට්ටු

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වලාන...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...