සුපිරි දකුණු ඉන්දියානු නළු ප්‍රභූ දේවා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රාධ’ චිත්‍රපටය එළැඹෙන මැයි මස 13 වන දා සිට ලොවපුරා තිරගත කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කර තිබෙනවා.
සල්මන් ඛාන්, සොහයිල් ඛාන් හා අතුල් අග්නිහෝත්රි විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය 2017 වසරේ තිරගතවූ කොරියානු චිත්‍රපටයක් වන The Outlaws චිත්‍රපටයේ නැවත ප්රතිනිෂ්පාදනයකි.
සල්මන් ඛාන්, දීෂා පටානි, රන්දීප් හූඩා, ජැකී ෂොරොෆ් ඇතුළු නළු නිලියන් පිරිසක් මෙහි රංගනයෙන් දායකවනවා.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිලි ජැකලීන් ෆර්නෑන්ඩස් ‘රාධේ’ චිත්‍රපටයේ ගීතයකට පමණක් රංගනයෙන් දායකවනවා.
එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින්,