26 C
Colombo
Sunday, October 6, 2024

සම්බන්ධන් සහ මම පෙනී හිටියේ නොබෙදුණු ලංකාවක් වෙනුවෙන් – ජනපති

- Advertisement -

අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතා නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, ඔහු ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවට ත්‍රිකුණාමලය පිහිටි ඒ මහතාගේ නිවසේ දී අද (07) පස්වරුවේ එක් වෙමින්.

හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය උත්සවය පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන් මැති ඇමතිවරු ඇතුළු විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් අද (07) පස්වරුවේ සිදු කෙරුණා.

ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය පිළිබඳ මෙහිදී සිය කණගාටුව පළ කළ ජනාධිපතිවරයා ඔහුගේ අභාවය තමාට දිගුකාලීන මිතුරෙකුගේ අහිමි වීමක් බවද සඳහන් කළා.

ආර්. සම්බන්ධන් මහතා නිරතුරුවම කථා කළ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව මෙහිදී පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ඉඩම් කොමිසමේ කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙන බවත්, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ තිබෙන ප්‍රශ්න නීතියෙන්ම විසඳීමට එම කොමිසමට බලයට ලබා දීමට බලාපොරොත්තු වන බවත් පවසා සිටියා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ඉරිදා රාත්‍රියේ ආර්.සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට 91 වැනි වියේ  පසුවූ ඒ මහතා  වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර වරක් විපක්ෂ නායක ධුරය ද හොබවනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

බෙලිඅත්තේ අනතුරකින් අයෙක් මරුට. 5ක් රෝහලට

බෙලිඅත්ත - වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි...

වසරක් තුළ ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ...

මහ ඡන්දෙට පොහොට්ටුවක් නැද්ද?

ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත්, අවශ්‍ය වුවහොත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණේ වෙනසක් කළ හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....