සැම්සුන්ග් (Samsung) සමාගම මෙමරි චිප් නිෂ්පාදනය අවම කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
විදෙස් මාධ්‍ය පවසන ලෙසට වසර 14කට පසුව Samsung සමාගම එම තීරණය ගෙන තිබෙනවා.
ඉන් ලැබී ඇති ලාභය 96% පහත වැටීම හේතුවෙන් memory chip නිෂ්පාදනය අවම කිරීමට එම සමාගම තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.
Samsung සමාගම පවසන ලෙසට මූලික සංඛ්‍යාලේඛනවලට අනුව මෙහෙයුම් ලාභය ජනවාරි – මාර්තු කාලය තුළ පවුම් මිලියන 366 කින් පහත වැටී ඇති බවයි.
පසුගිය කොවිඩ් කාලයේදී වෙළෙඳපොළේ memory chip අලෙවිය වැඩිවූ බව ද එම සමාගම පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.