ලෝක ජල දිනය අදට යෙදී තිබෙනවා.
1922 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්‍රවර්ධන පිළිබඳ සම්මේලනයේ දී සිදුකරන ලද යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු මස 22 වැනිදා ලෝක ජල දිනය ලෙස නම් කරනු ලැබුවා.
මේ අතර ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාද අදට යෙදී තිබෙන ලෝක ජල දිනය පිළිබදව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

සනත් නිශාන්ත මහතා ජල දිනය පිළිබදව සිහිපත් කිරීම සම්බන්දයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා හාස්‍යයට ලක්කර තිබෙනවා.
වනාන්තර ආරක්ෂා කර ගැනීම පිළිබදව දිසා වන අඩවි නිලධාරී දේවානි ජයතිලක මහත්මිය සමඟ ඇතිවූ වාදයක් පිළිබදව බොහෝ දෙනා සිහිපත් කරමින් ජලය රැකගැනීමට අවශ්‍ය නම් ඊට පෙර වනාන්තර ආරක්ෂා කරගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයාට සිහිපත් කර තිබෙනවා.
එමෙන්ම පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් ප්‍රදේශය නීතිවිරෝධී ලෙස ඩෝසර් කරමින් ඉස්සන් කොටු ඉදිකිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාගේ මෙහෙයවීමෙන් සිදුවූ බව එම පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවද මීට පෙර හෙළිකර තිබුණා.
පසුව ඔහු පසුගිය සැප්තැම්බර් 22 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය කටයුතු කර තිබුණා.