ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය මීට සතියකට පමණ පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ, ඔහුගේ මොලයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
මතුවී ඇති තත්ත්වය හේතුවෙන් ඔහු සහභාගී වීමට නියමිත තිබූ සියලු ප්‍රසංග මේ වනවිට කල් දමා තිබෙනවා.
කෙසේවෙතත් මේ වන විට ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවද වාර්තා වනවා.
සංගීත් විජේසූරිය මහතා පසුගිය කාලයේ ජාතික ජනබලවේගය පක්ෂයට සහය දක්වමින් ඔවුන්ගේ මැතිවරණ රැළිවල ප්‍රධාන ආරාධිතයෙක් ලෙසට සහභාගී වූවා.