25 C
Colombo
Monday, December 16, 2024

සංජීව මහානාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කෙරේ

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාට අයත් බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් ඇතුළු මෝටර් රථ තුනක් සහ ඉඩම් දෙකක් අන්සතු කිරීම හෝ පැවරීම තහනම් කරමින් පනවා ඇති නියෝගය තවත් මාස දෙකක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණ නියෝග කළා.

ඒ මෙම නඩුව විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ අද (16) කැඳවු අවස්ථාවේදී.

සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා අයතා ලෙස හෝ නීති විරෝධී අන්දමින් වත්කම් උපයාගෙන ඇත්දැයි හෙළිකර ගැනීම සඳහා ආරම්භ කළ විමර්ශන තවදුරටත් කරන බව දැනුම් දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපල උපයා ගැනීමේ විමර්ශන අංශයේ නිළධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා දේපළ තහනම් කරමින් පනවා ඇති නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබුණා.

මෙලෙස තහනම් කරන ලද්දේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාට අයත් බව කියන සී .බී.සි 7199 දරණ කාර් රථය, අංක එල්.එල්. 9725 දරණ ලොරි රථයක්, උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් නුවරගම් කෝරළයේ පිහිටි අක්කර හතරකට අධික ඉඩම් කොටස, සමඟිපුර ගමේ රජයේ ඉඩමකට මායිම්ව පිහිටි අක්කර එකකට අධික ඉඩම් කොටස් බව පැවසෙනවා.

සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිෂමේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන තවදුරටත් සිදුකරන හෙයින් සංජීව මහානාම මහතාට අයත් මෝටර් රථ සහ ඉඩම් අන් අයට පැවරීම හෝ විකිණීම වළකාලමින් පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අල්ලස් කොමිෂමේ ඉල්ලීමට අවසර දුන් විනිසුරුවරයා අදාළ මෝටර් රථ සහ ඉඩම් සම්බන්ධයෙන් පනවා ඇති තහනම තවත් මාස දෙකක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කළා.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මස 18 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ තහනම් නියෝගය දීර්ඝ කිරීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කර සිටියා.

RECENT ARTICLES - SINHALA

මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාල සැකකරුවන් සමග...

රිළවුන්ට චෝදනා නොකර පොල් හිඟයට පිළියම් දෙන්න – පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය

සෑම වසරකම ඔක්තෝබර් සිට ඊළඟ වසරේ පෙබරවාරි දක්වා මාස පහක් තුළ රටේ පොල් හිඟයක් මතුවන බවත් රිලවුන්ට දඬුලේනුන්ට එම කාලවලදී චෝදනා නොකර ජනතාවට හිඟයකින්...

ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලමින් තොරතුරු...

POPULAR ARTICLES

මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාල සැකකරුවන් සමග...

රිළවුන්ට චෝදනා නොකර පොල් හිඟයට පිළියම් දෙන්න – පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය

සෑම වසරකම ඔක්තෝබර් සිට ඊළඟ වසරේ පෙබරවාරි දක්වා මාස පහක් තුළ රටේ පොල් හිඟයක් මතුවන බවත් රිලවුන්ට දඬුලේනුන්ට එම කාලවලදී චෝදනා නොකර ජනතාවට හිඟයකින්...

සැලුන් එකකින් කොන්ඩෙට සාත්තුවක් ගත් කතට වුණ දේ

වැලිකඩ ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයකින් සේවාව ලබාගත් කාන්තාවකගේ හිසට ගල්වන ලද ප්‍රතිකාර වලින් අනතුරුව ඇගේ හිස කෙස් ගැලවී හිසට තුවාල සිදුව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්...