ජනප්රිය කලා ශිල්පිනියක් වන සංජීවනී වීරසිංහට ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා.
ඒ අමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරදීයි.
ශ්රී ලංකාවේ වත්මන් පරිපාලනයට ඉවත් වී අර්බුද විසඳිය හැකි නව පාලනයක් ගෙන එන මෙන් බලකරමින් එරට ශ්රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට එක්වීමට පැමිණි සංජීවනී වීරසිංහ හට එහිදී ජනතා අප්රසාදය එල්ල වුණේ, අදාළ විරෝධතාවයෙන් පිටව යන ලෙස බලකරමින්.
ඊට හේතුව ලෙස විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, ශ්රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය බලයට ගෙන ඒමට සංජීවනී වීරසිංහ විසින් ද එකල විශාල සහයෝගයක් දැක්වීමයි. දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමේ යෝජනාව සම්බන්ධවැය දක්වන ලද අදහස් ද සමාජයේ දෝෂ දර්ශනයට ලක් විය.
කෙසේ නමුත් පසුකාලීනව ඇයට ගුවන් විදුලි සංස්ථා අධ්යක්ෂ ධූරය ද හිමි විය.