ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු නිලධාරීන් අතරින් සීයයට දහයක් පමණ ප්‍රමාණයක් පාතාලයට සහ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ නොවැම්බර් 30 වන දින සිය නව තනතුරේ වැඩ බාරගැනීමේ උත්සවයේදී ඔහු කළ කතාවකදීය. වැඩිදුරටත් ඔහු පැවසා ඇත්තේ පාතාලයට සහ කුඩු ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියෙන් සුද්ද කර දැමීමේ වගකීම තමන් භාර ගන්නා බවය.