රජයේ පාලන මිල යටතේ සතොස හරහා කුකුළු මස් මිලදී ගැනීමට හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සදහන් කළා.
එමෙන්ම උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මේ දක්වා වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
කෙසේ වෙතත් මේ වන විට වෙළෙඳපොළේ කුකුළු මස් මිල රුපියල් 720 – 750 අතර මිලක පවතිනවා.