32 C
Colombo
Sunday, November 17, 2024

සතොස සහල් කිලෝවක් රුපියල් 2 කින් අඩු කළා – බන්දුල

- Advertisement -

සතොස හරහා අලෙවිකරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් දෙකකින් අඩුකිරීමට පියවර ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව රුපියල් 130කට සතොස අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක් ඊයේ (29) සිට රුපියල් 128කට අලෙවි කරන බවයි වෙළෙඳ අමාත්‍යවරයා සදහන් කරන්නේ.

සහල් තොග මිල සොයා බැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පෙරවරුවේ පිටකොටුව සහල් තොග වෙළඳසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“සතොස නාඩු සහල් රුපියල් 105යි. අද සිට සම්බා 128යි. කිලෝ 10ක් පාරිභෝගිකයා ට දෙනවා. වරායේ තවත් සහල් විශාල තොගයක් තියෙනවා හිර වෙලා. ඒ ටිකත් ආවොත් වෙළෙඳපොළේ සහල් මිල තවත් අඩු වෙයි.”

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES