භාණ්ඩ වර්ග විස්සක් ඇතුළත් සහන මල්ලක් හෙට (20) සිට සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රුපියල් 1,998ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් මෙසේ ලබා දීමට නියමිත බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
1998 අංකය ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසට ම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පවසනවා.
සාමාන්‍යයෙන් වෙළෙඳපොලෙහි රු.2600/=කට වඩා වැඩි මිළකට අළෙවි වන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් මෙම සහන මල්ල, දිවයින පුරා සතොස අළෙවි ශාඛා මඟින් ලබා ගැනීමේ හැකියාව හෙට දින සිට ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පවසනවා.