අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේරව කොළඔ අයිඩීඑච් රෝහලට මාරු කරන ලෙසත් ඔහුගේ ජීවිතය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදී සංගමය ආරම්භ කළ අන්තර්ජාල පෙත්සම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, නීතීපති දප්පුල ලිවේරා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව, වෛද්‍ය පී.ජී. මහීපාල, අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ අමාත්‍ය සරත්වීරසේකර යන මහත්ම මහත්මීන්ට යොමු කර ඇති බව එම සංගමය පවසයි.
ශානී අබේසේකර මහතා මාධ්‍යවේදීන් සම්බන්ධ විමර්ශණ ගණනාවක් සිදු කර ඇති බැවින් ඔහු එම විමර්ශණවල ප්‍රධාන සාක්ෂිකාරයෙක් බවත් එබැවින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍ය සංගමය අබේසේකර මහතා වෙනුවෙන් මැදිහත් වු බවය.
කෙසේ වෙතත් අදාල අන්තර්ජාල පෙත්සම පුද්ගලයන් 6600 ක් පමණ දෙසැම්බර් 02 වන දින වන විට අත්සන් කර ඇති අතර දේශපාලනඥයන් රැසක් සහ කලාකරුවන් රැසක් අදාල පෙත්සම අත්සන් කර ඇත.
පුවත්
- ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
- බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන
- ‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්
- IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුබ ආරංචියක්
- Breaking: දේශබන්දුට අද නඩුවේ දීපු තීන්දුව