2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙබරවාරි 10 සිට 12 දක්වා කාලය තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පසුගියදා (08) ආරම්භ වුණා.
එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති.
2024 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වන දින පැවැත්වූ අතර එහි පළමු පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවී ඇති බවට කරුණු අනාවරණය වීමත් සමඟ ආන්දොලනාත්මය තත්වයක් ගට ගත්තා.
කෙසේවෙතත්, ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට පසුගිය දා තීරණය කරනු ලැබුවා.
ඒ, පසුගිය 31 වැනිදා ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් විභාග වූ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.