අනිවාර්ය නිවාඩු යවන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා
ඒ අනුව, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. ඒ. චම්පා රාජරත්න මහත්මියගේ ප්‍රධානත්යෙන් පත් කළ ඒ විනය පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන ඒ. එච්. ගමගේ සහ එස්. කේ. ලියනගේ යන මහත්වරු එම පරීක්ෂණ මණ්ඩලයට ඇතුළත්.
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්‍ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසම විසින් තීරණය කළා.
ජාතික පොලිස් කොමිසම පවසන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි විනය පරීක්ෂණ අවසන් වන තුරු මෙම නියෝගය ලබා ඇති බවයි.