පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා තෝරාගැනීම සඳහා යළිත් වරක් රහස් ඡන්දයක් පැවැත්වෙන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ පක්ෂ නායකවරුන් සාකච්ඡා කර එක් මන්ත්‍රීවරයෙක් එම ධූරයට පත්කරගන්නවා වෙනුවට නම් දෙකක් යෝජනාවී තිබීම හේතුවෙන්.
මේ නිසා අද දිනයේත් පාර්ලිමේන්තු කාලයෙන් වැඩි ඉඩක් නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දය පැවැත්වීමට නාස්ති කෙරෙනු ඇති.
සමගි ජනබලවේගය පක්ෂයෙන් රෝහිනී කවිරත්න මහත්මියත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අජිත් රාජපක්ෂ මහතාත් නියෝජ්‍ය කතානාය ධූරය සඳහා යෝජනා වුණා.
ඒ සඳහා වන රහස් ඡන්දය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ස්වාධීනවූ පක්ෂ 11 සඳහන් කළේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවකින් අනතුරුව එක් පුද්ගලයෙකු නියෝජ්‍ය කතානායක ධූරයට පත්නොකර ගන්නේ නම් තම පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය කටුගා විරෝධය පලකරන බවයි.