චීනයේ කුන්මින් සහ මියන්මාරයේ යැන්ගොන් අතර සෑම දිනකම රහසේ සැකසහිත ගුවන් ගමන් සිදුවන බවට අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය සතියක කාලයක් සෑම දිනකම රාතිුයේ අවම වශයෙන් මෙම නගර දෙක ගුවන් ගමන් පහක්වත් සිදුව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.
මත්ස්‍යන් ඇතුලු මුහුදු ආහාර හෙවත් සී ෆුඩ් රැගෙන මෙම ගුවන් ගමන් සිදුවන බව චීන සහ මියන්මාර බලධාරීන් ප්‍රකාශ කළත් එය සැකසහිත ප්‍රකාශයක් බව අදාළ මාධ්‍ය වාර්තා කර තිබේ.
හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් මියන්මාරය ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා තහනම් පනවා තිබියදීත් මෙම ගුවන් ගමන් සිදුවීම විශේෂත්වයක් බව සදහන් වේ.
මියන්මාරයේ හමුදා ආණ්ඩුවට චීනය සහය දක්වන බව එරට වැසියන්ගේ මතය වී ඇති අතර මේ හේතුවන් චීන විරෝධයද එරට විරෝධතාකරැවන්ගේ සටන් පාඨයක බවට පත්ව තිබේ.