ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය පලකරමින් අද (08) පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයකට සහභාගී වූ විරෝධතාකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කල බවට චෝදනා කරමින් ඊයේ දිනයේ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, දුමින්ද නාගමුව, නාමල් කරුණාරත්න, සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.