කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා පත්කළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරනවා.
එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයටද නව ලේකම්වරයෙක් පත් කර තිබෙනවා.
හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වන අනූෂ පැල්පිට මහතා එම තනතුරට පත්කළ බව කිංස්ලි රත්නායක මහතා පවසනවා.