චීන පකිස්තාන ආර්ථික සහයෝගීතා වැඩපිලිවෙළ යටතේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතින් රැසක ආරක්ෂක දැඩි කිරීමට පකිස්තාන ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබේ.
අදාළ ව්‍යාපෘතින් ඉලක්ක කරගෙන බලුච් සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කෙරෙන ප්‍රහාර ඉහළ යාම ඊට හේතුවයි.
ඒ අනුව ප්‍රාන්තයේ ක්‍රියාත්මක වරාය,මහාමාර්ග ඉදිකිරීම් ඇතුලු ව්‍යාපෘතිවල ආරක්ෂාවට අතිරේක ආරක්ෂක බලඇණි කැදවා ඇති බව සදහන් වේ.
පකිස්තානයේ ස්වභාවික සම්පත්වලින් පොහොසත්ම ප්‍රාන්තය ලෙස සැලකෙන බලුකිස්තානයේ චීන ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුවත් ප්‍රාන්තයේ සංවිධාන රැසක් ඊට එරෙහිව විරෝධතා දක්වන්නේ එමගින් ස්වදේශිකයන්ට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවන බව පවසමිනි