ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (31)වතුකරයේ ජනතාව දීපවාලි සමරන ආකාරය සොයා බලමින් සංචාරයක නිරත වී තිබෙනවා.
ඒ මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කය සඳහා සිය පක්ෂයෙන් තරඟ කරන අපෙක්ෂකයන් සමඟයි.
මෙහිදී හැටන් ඇරොල් වතුයායේ සහ දිඹුල පතන මවුන්ට්වර්නන් වතුයායේ සංචාරයක නිරත වූ සීලරතන හිමියන් එම ජනතාවට පක්ෂයේ අපෙක්ෂකයන්ව හඳුන්වාදීමට කටයුතු කර තිබුණා
මෙම සංචාරයේදි වතු කම්කරු ප්‍රජාව අමතමින් සීලරතන හිමියන් කියා සිටියේ මේ රටේ සිංහල දමිළ, මුස්ලිම් ජනතාව සමග එකට එකතු වී කටයුතු කළ හැකි එකම පක්ෂය ජනසෙත පෙරමුණ බවයි.
(හැටන් – රංජිත් රාජපක්ෂ)