25 C
Colombo
Friday, October 25, 2024

අත් අඩංගුවට ගත් රත්තරන් සහ ජංගම දුරකථන මගේ නෙවෙයි – අලි සබ්‍රි රහීම් (වීඩියෝ)

- Advertisement -

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පැමිණේමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් රත්තරන් සහ ජංගම දුරකථන තොගය තමන්ට අයත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් අද (24) ප්‍රකාශ කළා.

අද (24) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමේදී එම යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ද මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණා.

රත්තරං සහ ජංගම දුරකථන තොගය සමඟ ඔහුව රේගුවේ අත් අඩංගුවට පත්වීම ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ එම භාණ්ඩ තොගය තම මිත්‍රයකුගේ වුවත් තමන්ට ඒ සමබන්ධයෙන් වරදකරු වීමට සිදු වූ බවයි.

අද (24) දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවේදී ඊට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර සිටියේ “මම අමාරුවේ වැටුන වෙලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහත්, අගමැති දිනේෂ් ගුණවර්ධනත් නොපැමිණි නිසා මම මේ යෝජනාවට විපක්ෂව ඡන්දය දුන්නා” යනුවෙනි.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...