25 C
Colombo
Monday, July 8, 2024

සම්බාහන මුවාවෙන් මුදලට කතුන් විකුණලා

- Advertisement -

පොළොන්නරුව – හබරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය සම්බාහන ආයතන හතරක් වටලා එහි කළමනාකරුවන් සිව්දෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 11 අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරනවා.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සඳහන් කර ඇත්තේ, හිඟුරක්ගොඩ අධිකරණය මගින් සෝදිසි මෙහෙයුම් වරෙන්තු ලබාගෙන මෙම වැටලීම සිදුකළ බවයි.

අත්අඩංගුවට ගත් කළමනාකරුවන් සිව්දෙනා මොණරාගල, සීගිරිය, ගම්පහ, මහියංගනය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19ත් – 35ත් යන වයසේ පසු වන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරනවා.

ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් දිඹුලාගල දළුකාන, හබරණ, කැලණිය, මොණරාගල, පූනානි, අනුරාධපුරය සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19, 27, 33, 47, 33, 48, යන වයසේ පසුවන කාන්තාවන් බවද පොලිසිය පවසනවා.

ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන්ට අඩු මුදලක් දී මෙම කළමනාකරුවන් වැඩි මුදලක් උපයා ඇති බවද පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබෙන අතර මෙම සම්බාහන නිවාස දිගු කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ රාජකාරිවලින් ඉවත් වෙලා

ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද (8) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය...

ලෙඩ වෙන රාජ්‍ය සේවය

රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනයන් හීදී අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරතවන...

පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයෙත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පව්සනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,...

POPULAR ARTICLES

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12...

හිරුණිකාට විශේෂ සැලැකිලි නැහැ

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා ඔහු සඳහන්...