ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) නත්තල් සැමරුම් උත්සවයකට එක් වෙමින්.
පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. නිවාඩු අඩු කර වැඩියෙන් වැඩ කර ලබන දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් මේ වසරේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන්ට බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් අනාවරණය වනවා.
මෙලෙස චෝදනා එල්ලවී අධ්‍යාපන ක්ෂේත්රයේ පිරිසට පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය හා කලාප කාර්යාලවල නිලධාරීන් 212ක් ඇතුළත් වෙන බවයි වාර්තා වන්නේ.
අධ්‍යාපන ක්ෂේත්රයෙන් පසු අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් දෙවැනුව වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට එරෙහිවයි. එම පිරිස ගණන 161ක්.
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් තුන්වෙනුව වැඩිම පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින්ට එරෙහිවයි. මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඉඩම් නිලධාරීන් ග්‍රාම නිලධාරින් ඇතුළු නිලධාරිහු අට දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 1945ක් මේ වසරේ ඔක්තෝබර් මස 31 වෙනිදා දක්වා ඉදිරිපත්ව තිබූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසා ඇති බව වාර්තා වෙනවා.
මේ කාලසීමාවේ දී අත්අඩංගුවට ගෙන ඇති රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව විසි හයක්.
ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවයට අයත් පිරිස් අතර අල්ලස් ගැනීම්වල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති බව කොමිසමේ නිලධාරීනන් පවසා ඇති බවයි කියන්නේ.