28.4 C
Colombo
Saturday, April 12, 2025

මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදුකල තර්ජනය පිළිබදව පොලිස්පතිට පැමිණිල්ලක්

- Advertisement -

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පසුගියදා අනියම් ආකාරයට කර ඇති තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව සිය විරෝධය පලකර තිබෙනවා.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය හා ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අත්සනින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට යොමුකල ලිපියකින් දැක්වුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ Facebook ප්‍රතිචාර දැක්වීමෙහි බරපතළ අනතුරු ඇඟවීමක් ගැබ්ව ඇති බවයි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් දිගින්-දිගටම සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස අවධාරණයෙන් කියා සිටින බවද මෙහිදී සඳහන් කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා අදහස් දැක්වූ Facebook පෝස්ටුව – https://m.facebook.com/story.php?story_fbid=4804876112874609&id=100000568041748

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...