දළදා වහන්සේට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවට චෝදනා එල්ල වීම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ හට පෙරේදා (7) දහවල් පහරදීමක් සිදුකර තිබෙනවා.
මෙම පහරදීමට බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධවී ඇති බවට චෝදනා එල්ලවී ඇති අතර බවත් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වනවා.
පහරකෑම නිසා සේපාල් අමරසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණද ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බැවින් ඊයේ (08) දහවල් නැවත රක්ෂිත බන්ධනාගාරයට රැගෙනවිත් තිබෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන්ද ඊයේ (08) බන්ධනාගාරයට පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත් බවද වාර්තා වනවා.