25 C
Colombo
Sunday, December 15, 2024

සේරුවාවිල නාහිමියන්ට රන් සම්මානයක්

- Advertisement -

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කැලණිය විශ්ව විද්‍යාලයේ 147 වන උපාධි ප්‍රදානෝත්වයේ දී පුරාවිද්‍යා විෂයයන් සඳහා පිරිනැමුනු ස්වර්ණ මුද්‍රිකා (Gold Medals) පහම සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමිපාණන් වහන්සේ විසින් දිනාගනු ලැබුවා.

අභිලේඛන හා නාණක විද්‍යාව විෂයයෙහි විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන සෙනරත් පරණවිතාන ස්වර්ණ මුද්‍රිකාව , ප‍්‍රාග් සහ පූර්ව ඉතිහාසය විෂයයෙහි විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන සිරාන් දැරණියගල ස්වර්ණ මුද්‍රිකාව , පරිසර පුරාවිද්‍යාව විෂයයෙහි විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන සේනක බණ්ඩාරනායක ස්වර්ණ මුද්‍රිකාව, පුරාවිද්‍යා පර්යේෂණ චින්තනය පිළිබඳ විශිෂ්ටතම අධ්‍යයන කුසලතාව වෙනුවෙන් පිරිනමන ශ‍්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් ස්වර්ණ මුද්‍රිකාව සහ පුරාවිද්‍යා විෂයයන්හි සමස්තයක් ලෙස දක්වන ලද අධ්‍යයන විශිෂ්ටතාවය වෙනුවෙන් පිරිනමන ශ‍්‍රීමත් කොලින් රෙන්ෆ්රූ ස්වර්ණ මුද්‍රිකාව, කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින් එසේ උන්වහන්සේ වෙත පිරිනමනු ලැබුවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් ඒ ඒ විෂයයන් සඳහා A+ සාමාර්ථයක් සහිතව වැඩිම ලකුණු ලබාගන්නා විද්‍යාර්ථීන් වෙත එම මුල් රන් පදක්කම් සතර පිරිනමන අතර සියලුම පුරාවිද්‍යා විෂයයන් සඳහා A+ සාමාර්ථයන් ලබාගනිමින් වැඩිම GPA අගයක් සහිතව විශිෂ්ඨතම අධ්‍යයන කුසලතා දක්වන විද්‍යාර්ථියා වෙත ශ‍්‍රීමත් කොලින් රෙන්ෆ්රූ ස්වර්ණ මුද්‍රිකාව පිරිනමනු ලබනවා.

උන්වහන්සේ විසින් ඒ අයුරින් සියලු විෂයයන් සඳහා A+ සාමාර්ථ ලබමින් 4.0 උපරිම GPA අගයක් පවත්වා ගනිමින් විශිෂ්ඨ සාමාර්ථයක් (Distinction Pass) සමඟ පශ්චාත් උපාධි පාඨමාලාව සම්පූර්ණ කොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තොරතුරු ගැන නැවත පරීක්ෂාවක්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතු වාර්තා වෙනවා. පාර්ලිමේන්තු වෙබ්...

කථානායක ධුරයට නම් තුනක්?

0
කථානායක ධුරය සඳහා මේ වනවිට නම් තුනක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ...

කතානායක ඉල්ලා අස්වීම හොඳ ආදර්ශයක් – අලුත් පියාපත් සංවිධානය

අශෝක රන්වල මහතා රටේ තුන්වන පුරවැසියා වශයෙන් සැලකෙන කතානායක ධූරයෙන් ඉවත් වීම ඔහු අතින් වරදක් සිදුවී ඇති නම් ඒ වරදට සාපේක්ෂව සාධාරණ කැපකිරීමක් බව...

POPULAR ARTICLES