25.1 C
Colombo
Tuesday, November 26, 2024

නුවරඑළියේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

- Advertisement -

මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශයේ පිහිටි නුවරඑළිය, කදපොල යන ප්‍රදේශවලට ඊයේ (25) සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය කදපොල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු උදැසන සිට ඇණහිට ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා.

දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ, නුවරඑළිය තුරග තරග පිටිය අසල පිහිටි නිවාස රැසක්, වික්ටොරියා උද්‍යානය මෙසේ ජලයෙන් යට වි ඇති බවයි.

නුවරඑළිය කදපොල ප්‍රදේශයේ ගල්පාලම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිම නිසා එම ප්‍රදේශයේ පහත්බිම් වල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බවත්, ඉන් එලවළු වගාවට දැඩි හානි සිදු වි ඇති බවත්, ජලය ගැලිමෙන් පිඩාවට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.

අපොස උසස් පෙල විභාගයට පෙනි සිටින නුවරඑළිය ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන වලට පැමිණි සිසුන් පිරිසක් ජලයෙන් යට වි ඇති කදපොල ප්‍රදේශයේදි බර වාහන යොදාගෙන විභාග මධ්‍යස්ථාන වෙත යොමු කල බවත්, අද පස්වරුවේ විභාගය සදහා පෙනි සිටින සිසු සිසුවියන් සිටිනම් ඔවුන්ට කල්වේලා ඇතිව පැමිණෙන ලෙසත්, එසේ පැමිණෙන සිසු සිසුවියන් ආරක්ෂිතව විභාග මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ - කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී...

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දින දෙකක විවාදයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අභිනව පාර්ලිමේන්තුවේ පළමු...

නාවුල – බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

මහවැලි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග නාවුල - බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 06ක් අද (25) උදෑසන විවෘත කර තිබෙනවා. ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ්...

POPULAR ARTICLES