25.6 C
Colombo
Wednesday, April 2, 2025

ආන්දෝලනයට තුඩුදුන් නඩු කිහිපයක් මැයි මාසයේ ගේනවා – අනුර

- Advertisement -

වර්තමානය වන විට ආණ්ඩුවට විරුද්ධව හඬනගන පිරිස, වැඩිපුරම බිය වී සිටින පිරිස බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයේ බෙලිඅත්තේ පැවති ජාතික ජන බලවේගයේ පළමු රැලිය අමතමින්.

ආන්දෝලනයට තුඩු දුන් නඩු විශාල ප්‍රමාණයක් මැයි මාසය තුළ පැවරෙන බවද ඔහු එහිදී කියා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“වැඩියෙන් කෑ ගහන්නේ කවුද? වැඩියෙන් බය වුණ කෙනා හොඳේ. සමහරුන්ගේ හොරාට ඉස්සෙල්ලා කෙහෙන් කැන වැට පැන්නා. “මාව ගන්න යන්නේ” කියලා කියනවා. දැකලා තිඑනවද? මේ “මාව අත්අඩංගුවට ගන්න සැලසුමක් තියෙනවා” වගේ දේවල් කියනවා. හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැනලා. මතක තියාගන්න මේක අපි කඩිමුඩියේ කලබලේට කරන වැඩක් නෙවෙයි…..

දැන් මේ දවස්වල හිටපු ඇමතිවරු තුනයි, පොලිස්පතියි රිමාන්ඩ්. තව ටික දවසකින් පාර්ලිමේන්තුවම එහේ රැස් වෙන්න පුලුවන් වෙයි…

මේ වංචනිකයන්ට, දූෂිතයින්ට එරෙහිව අපි හැප්පෙන්න ලෑස්තියි… මං හිතනවා මේ මැයි මාසේ වෙනකොට ඉතාමත් අන්දෝලනයට තුඩු දීලා තියෙන නඩු විශාල ප්‍රමාණයක් මේ මාස එක දෙක ඇතුළත පැවරෙනවා…”

RECENT ARTICLES - SINHALA

දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක්

භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට තීරණය කළ...

මි.මී 100 ඉක්මවූ වැසි

දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ...

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන...

POPULAR ARTICLES

ශම්මි ICC තුන් කමිටුව පත් කරලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ව සිව්වැනි වරටත් සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබෙනවා. ඒ ඊයේ...

දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක්

භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට තීරණය කළ...

මි.මී 100 ඉක්මවූ වැසි

දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ...