23.9 C
Colombo
Friday, November 29, 2024

ගෝල්ෆේස් එකට ගහන්න කිව්වේ අරලියගහ මන්දිරයට ආපු මුග්ධ දේශපාලකයින් කිහිප දෙනෙක් – රමේෂ් පතිරණ

- Advertisement -

ගෝඨාගෝගමට එල්ලවූ ප්‍රහාරය සිදුවූයේ මැයි 09 වනදා අරලියගහ මන්දිරයට පැමිණි මුග්ධ දේශපාලඥයින් කිහි දෙනෙකු නිසා බවට තමන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙන්නේ එම දේශපාලඥයින්ගේ බලපෑම නිසා එම රැස්වීමට පැමිණි 10% ක පමණ පිරිසක් ගෝඨාගෝගමට පහරදුන් බවයි.

සිදුවීම වන අවස්ථාවේදී තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අමතා මෙය වළක්වන්නැයි කී අවස්ථාවේදී එම පිරිසට ගාලු මුවදොරට පැමිණීමට අවස්ථාව නොදෙන බවට ඔහු සහතික වූ බව පතිරණ මහතා පවසනවා.

කෙසේවෙතත් පසුව තවදුරටත් එම පිරිස ගාලුමුවදොර දෙසට එන බවට ලද ආරංචියට ජනාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පිළිතුරු ලබාදී ඇත්තේ අදාළ පිරිස විසුරුවා හැරීම සඳහා ජල හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකිරීමට තමන්ට පොලිස්පතිවරයා දැනුම්දුන් බවයි.

පසුව “තමුසෙට මමයි කියන්නේ, මම රටේ ජනාධිපති. වහාම ඕක නවත්වනවා” යැයි ජනාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා හට නියෝග කළ බව රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළා.

මීට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...