2023 වසරේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර ප්‍රථම ස්ථානයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පත්ව තිබෙනවා.
ඒ ඇමරිකානු ටයිම්ස් සඟරාවේ පාඨක මත විමසීම්වලට අනුවයි.
ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මිචෙල් යෝ, මළල ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස්, ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකබර්ග් මෙන්ම බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ විලියම් කුමරුද අභිබවමින් ෂාරුක් ඛාන් ප්‍රථම ස්ථානයට පත්වීම මෙහි විශේෂත්වය වනවා.
ටයිම්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන මෙම පාඨක මත විමසීමේදී ලක්ෂ 12 කට අධික ඡන්ද ප්‍රමාණයකින් සියයට 4 ක වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ෂාරුක් ඛාන් ප්‍රථම ස්ථානයට පත්වී ඇති බවටයි වාර්තා වන්නේ.