28 C
Colombo
Wednesday, April 9, 2025

ශානී අබේසේකරට ඇප ලබා දීමේ තීරණය දෙසැම්බර් 07

- Advertisement -

 රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට ඇප ලබා දෙන්නේද නැද්ද යන නියෝගය දෙසැම්බර් 07 වන දින ප්‍රකාශ කරන බව ගම්පහ මහාධිකරණය පවසා ඇත.

ශානි අබේසේකරට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අද (26) ගම්පහ මහාධිකරණයේදී අ විභාග වුණු අතර එහි කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මේ බව පවසා ඇත.

කෙසේ වෙතත් ශානී අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පවසා ඇත්තේ ශානී අබේසේකරගේ ජීවිතයට තර්ජනයක් ඇති බවය.

කෙසේ වෙතත් නොවැමබර් 25 වන දින රාත්‍රියේදී විශේෂ ආරක්ෂාවක් සහිතව අබේසේකර මහතාව පොළෙන්නරුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රැගෙන ගොස් ඇත.

මහර බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක රඳවා සිටි ඔහුට කොවිඩ් 19 ආසාදිත බවට වාර්තා වීමත් සමග වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබු අතර ඔහුගේ ජිවිත ආරක්ෂාව සඳහා IDH රෝහලට යොමුකරන ලෙස විපක්ෂයේ ප්‍රධානින් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසිය. 

එහෙත් බන්ධනාගාර ප්‍රධානින් දැනුම් දී ඇත්තේ, ශානි අබේසේකර රිමාන්ඩ් බාරයේ සිටින අයෙකු බැවින් ඔහු අසල නිරතුරුවම බන්ධනාගාර නිලධාරීන් රැඳවිය යුතු බවත්, අයිඩිඑච් රෝහලේ ආසාදිත නොවූ නිලධාරීන් රඳවා ගැනීමට රෝහල් බලධාරීන් එකඟතාවය පළකර නොමැති බවත් ය.

සබැඳි පුවත් :

RECENT ARTICLES - SINHALA

කතරගම හිටපු සභාපතිට ඇප

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හෙට (10) සිට ක්‍රියාත්මක බවයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

POPULAR ARTICLES